ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩල සාමාජිකයෙකු ලෙස ක්‍රිශාන්ත ප්‍රියංග රිචඩ් පෙරේරා මහතා පත්කොට තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මුදල් නීති පනතට අනුව, 2015 ජූනි 24 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මෙම පත්වීම සිදුකරන ලදී.
සී.පී.ආර්. පෙරේරා මහතා මීට පෙර, ශ්‍රී ලංකා තේ මණ්ඩලය, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, පොදු ව්‍යාපාර ප්‍රතිසංස්කරණ කොමිසම සහ ලංකා බැංකුව යන ආයතනවල සභාපති ධුර හොබවා තිබේ. එමෙන්ම, ඔහු මේ වනවිටත් සමාගම් කිහිපයකම අධ්යක්ෂ ධුර හොබවන අතර, ඉන් කිහිපයක සභාපති ධුරයන්ද හොබවන බව පැවසෙයි.