ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් මිහින් ලංකා සේවකයන් බහුතරයක් ගුවන් සමාගම වෙත බඳවාගැනීමේ ක්‍රියාදාමය යටතේ මිහින් ලංකා හි ගුවන් මැදිරි කාර්ය මණ්ඩල සාමාජිකයන් 50 දෙනෙකුට අධික පිරිසක් ශ්‍රී ලංකන් ගුවන් සමාගම වෙත බඳවා ගැනීමට පසුගියදා කටයුතු කර ඇත. ඒ අනුව කටුනායක ශ්‍රීලංකන් ගුවන් සේවා මූලස්ථානයේදී මෙම සේවක පිරිස සඳහා රැකියා පත්වීම් ලිපි ලබාදීම සිදුකෙරිනි.
මිහින් ලංකා ගුවන් සේවයේ සියලු ව්‍යාපාර මෙහෙයුම් මේ වසරේ දෙසැම්බර් මස 31 වැනිදා අවසන් වීමට නියමිත වන හෙයින් එහි කාර්ය මණ්ඩලය සදහා ශ්‍රීලංකන් ගුවන් සමාගමේ රැකියා අවස්ථා හැකිතරම් ලබාදීමට ගුවන් සමාගම කටයුතු කර සිටින අතර එමගින් ශ්‍රිලංකන් හි මෙහෙයුම් අවශ්‍යතා සපුරා ගැනීමට බලාපොරොත්තු වේ.