මිල්කෝ ආයතනයේ කිලිනොච්චි කිරි අලෙවිසැල ඊයේ (14) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් විවෘත කර තිබේ.
කිලිනොච්චියේ කිරිගොවීන් පිරිසක්ද මෙහිදී ජනාධිපතිවරයා හමු වූ අතර, කිරි ගවයින් ලබාගැනීම ඇතුළු ඔවුන්ගේ ගැටලු කිහිපයක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇත. ඒ පිළිබද අවධානය යොමු කළ ජනාධිපතිවරයා අවශ්‍ය විසඳුම් කඩිනමින් ලබාදෙන බව ප්‍රකාශ කර තිබේ.