මිල දර්ශක සති අන්තයේදී තවත් පහළට
ගෙවීගිය සතියේදී මිල දර්ශක තවදුරටත් පහළ යමින් සමස්ත මිල දර්ශකය හා S&P ශ්‍රී ලංකා 20 මිල දර්ශකය පිළිවෙළින් 0.95% ක් හා 1.29% ක් ලෙස පහළ ගියේය.
සතිය අවසානයේදී 6,083.39ක් ලෙස සටහන් වූ සමස්ත මිල දර්ශකය ඊට පෙර දිනයේ වාර්තා වූයේ 6,084.48ක් ලෙසිනි.
3,325.76ක් ලෙස සතිය අවසානයේදී වාර්තා වූ S&P ශ්‍රී ලංකා 20 මිල දර්ශකය ඊට පෙර දිනයේ වාර්තා වූයේ 3,337.02ක් ලෙසිනි.
විවිධාංගීකරණ අංශය සතිය අවසානයේදී පිරිවැටුම වෙත ඉහළම දායකත්වය ලබාදෙනු ලැබිය. කෙසේ වෙතත් එම අංශයේ දර්ශකය වාර්තා කරනු ලැබුවේ 1.06%ක පහළ අගයකි.
පිරිවැටුම වෙත දෙවැනුව වැඩිම දායකත්වය බැංකු, මූල්‍ය හා රක්ෂණ අංශයෙන් ලැබුණු අතර, එම අංශයේ දර්ශකය 0.04%ක් ලෙස සුළු ඉහළ යෑමක් වාර්තා කළේය.
ගෙවිගිය සතිය අවසාන් වනවිට කොටස් වෙළෙඳ පොළ යම් පසුබෑමක් පෙන්නුම් කළද ඉදිරි සතිය තුළ කොටස් වෙළෙඳ පොළ සුබවාදී ආරම්භයක් පැවතුනහොත් සමස්ත මිල දර්ශකය ඉහළ අගයක් කරා ගමන් කරනු ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

