මැදි ආදායම් උගුල ජයගෙන පෙරට යන්නේ කෙසේද?
තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය විසින් 2020 දී ශ්‍රී ලංකාව දැනුමේ ආර්ථීකයක් බවට පත්කිරීම උදෙසාවූ තාක්ෂණ හා පර්යේෂණ සංවර්ධනය පිළිබඳ පස් අවුරුදු ආයෝජන සැලැස්මක් පිළිබඳ කෙටුම්පතක් සම්පාදනය කළ අතර පසුගියදා විද්වතුන් 500 කගේ පමණ සහභාගීත්වයෙන් විද්වත් සංගායනාවක්ද පවත්වනු ලැබීය.
එම ආයෝජන සැලැස්මෙහි ආර්ථීක ක්ෂේත්රය පිළිබඳ සිදු කෙරෙන පළමු පසු විපරම තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට (21දා) කොළඹ 07, විද්‍යා මාවතේ, ජාතික විද්‍යා පදනමේදී පැවැත්වීමට නියමිතය.
ආර්ථීක ක්ෂේත්රයට අයෝජන සැලසුම් රාමුවෙහි වන බලපෑම පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරෙන අතර 'මැදි ආදායම් උගුල ජයගෙන පෙරට යන්නේ කෙසේද?' යන්න පිළිබඳව සිදු කෙරෙන ආර්ථීක කථීකාවත සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය අචාර්ය ලලිතසිරි ගුණරුවන්, ආර්ථීක විද්‍යා විශේෂඥ සම්මානිත මහාචාර්ය එස්. එස්. කොළඹගේ යන විද්වතුන්ද අදහස් දක්වනු ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

