ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තය තවදුරටත් ජාත්‍යන්තර මට්ටමෙන් ප්‍රචලිත කිරීමටත්, එමගින් විදේශ විනිමය ඉපයීම සඳහා පුළුල් ක්‍රමවේදයක් සකස් කරන බවත් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ තිබෙන, ලොව දුර්ලභ මැණික් සඳහා ජාත්‍යන්තර වෙළෙඳ පොළ තුළ ඉඩ ප්රස්ථා ලබාගැනීමට රජය යටතේ පියවර ගන්නා බවයි.
ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය මගින් 26 වැනි වරටත් සංවිධානය කරනලද ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණභරණ ප්‍රදර්ශනය (Facets Sri Lanka 2016) නැරඹීම සඳහා පසුගිය 04 වැනිදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රය වෙත ගිය අවස්ථාවේදී මුදල් අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වීමය. පසුගිය 01 වැනිදා ආරම්භ වූ ප්‍රදර්ශනය 04 වැනිදා අවසන් විය.