මහාභිමානී 2014 සඳහා සැරසෙයි
ඉදිකිරීම් කර්මාන්තයේ නියුතු සියලු පාර්ශ්වකරුවන් අගය කරන මහාභිමානී 2014 ජාතික ඉදිකිරීම් සම්මාන උලෙළ දෙසැම්බර් 18 වැනිදා පැවැත්වීමට සියල්ල සූදානම් කර ඇති බව අද (24දා) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස සහ පොදු පහස්කම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසා සිටියේය.
එම අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ ඉදිකිරීම් අභ්‍යාස හා සංර්ධන ආයතනය (ICTAD) සහ ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය (NCASL) එකාබද්ධ දායකත්වයෙන් ක්‍රියාත්මක මහභිමානී 2014 ජාතික ඉදිකිරීම් සම්මාන උලෙළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
සියලු මහා පරිමාණ හා සෙසු ඉදිකිරීම් කාර්යයන්හිදී ඉදිකිරීම් ක්ෂේත්රයේ නියුතු ඉදිකිරීම්කරුවන්, වෘත්තිකයන් සහ ශිල්පීන් ඇතුළු සියලු පාර්ශ්වකරුවන් අගය කරමින් තරගකාරී ස්වරූපයකින් ඔවුන්ගේ දක්ෂතා හඳුනාගැනීමටත්, නිසි අයුරින් ඇගයීමට ලක් කිරීමත්, සම්මානයට පාත්‍ර කිරීමත් මෙම මහාභිමානී ජාතික සම්මාන උලෙළ තුළින් සිදු කෙරෙන බව පැවසෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

