රට දිනන දින සියය තුළ මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දහසක් රටට දායාද කිරීමේ දෙවැනි අදියර පසුගියදා තඹුත්තේගමදී පැවැත්විණි.
ලංකා පුත්‍ර සංවර්ධන බැංකුවේ මහනුවර ශාකාව විසින් මහවැලි එච් කලාපයේ එප්පාවල, පුරිගස්වැව සහ නීලබැම්ම ප්‍රදේශවල තෝරාගත් කිරි ගොවීන් සිය දෙනෙකු වෙත ණය ලබාදීම එහිදී සිදුවිය.
මේ සඳහා ලංකා පුත්‍ර සංවර්ධන බැංකුවේ සභාපති ලසන්ත ගුරණවර්ධන මහතා සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.