මහජන බැංකුවේ වාර්ෂික පර්යේෂණ සමුළුව (PBARC 2015) පසුගියදා මහජන බැංකුව මාණ්ඩලික අභ්‍යාස විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී සාර්ථකව පැවැත්විණි.
මහජන බැංකු පවුලේ දසදහසකට අධික කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් තුළ පර්යේෂණ සහ සමීක්ෂණ දක්ෂතා වර්ධනය කරමින්, නව ප්රවනතා අධ්‍යයනය ඔස්සේ මහජන බැංකුව ගනුදෙනුකාර අවශ්‍යතා හඳුනාගත් සත්කාරක කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමේ අරමුණින් මහජන බැංකුවේ ක්‍රමෝපාය සැලසුම් හා පර්යේෂණ දෙපාර්තමේන්තුවේ සාමූහික ප්රයත්නයක් ලෙස මෙය සංවිධානය කර තිබුණු බව එම බැංකුව පවසයි.