ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය සහ ශ්‍රී ලංකා මහ බැංකුව සමග එක්ව පවත්වන %ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවා සමග ව්‍යාපාර දියුණුවට ඇති ඉඩකඩ^ පිළිබඳ වැඩමුළුවක් 2017 නොවැම්බර් මස 23දා පැවැත්වේ.
එදින පෙ.ව.9.00 සිට ප.ව.12.30 දක්වා නො.450, ඩී.ආර්. විජයවර්ධන මාවත, කොළඹ 10 යන ස්ථානයේ පිහිටි, වාණිජ මණ්ඩල ශ්‍රවණාගාරයේදී මෙම වැඩමුළුව පැවැත්වීමට නියමිතය.
මෙහිදී, සාකච්ඡාවට බඳුන්වන මාතෘකා අතර,
-
විනිමය අනුපාත ප්‍රතිපත්තිය සහ විදේශ සංචිත කළමනාකරණය
-
ආර්ථික දැක්ම සහ ආර්ථික වර්ධන ශක්‍යතාවය
-
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් ප්‍රවර්ධනයේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යභාරය සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා ඇති විවිධාකාර ණය පහසුකම්
මේ සඳහා සහභාගී වන ශ්‍රී ලංකා මහ බැංකුවේ සම්පත් දායකයන් වන්නේ,
-
ආචාර්ය ඩී.එස්.ටී. වානගුරු මිය, නියෝජ්‍ය අධ්යක්ෂ - ආර්ථික පර්යේෂණ
-
ආචාර්ය ආර්.ඒ. අනිල් පෙරේරා මහතා, නියෝජ්‍ය අධ්යක්ෂ - ආර්ථික පර්යේෂණ
-
එල්.ආර්.සී. පත්බේරිය මහතා, ජ්‍යෙෂ්ඨ කළමනාකාර - රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව
-
එම්.සී.ඩී. ද සිල්වා මහතා, ජ්‍යෙෂ්ඨ සහකාර - අධ්යක්ෂ ග්‍රාමීය සංවර්ධන දෙපාර්තමේන්තුව
මෙම වැඩමුළුව සඳහා ලියාපදිංචි වීමට 011-4741788 යන දුරකථන අංකය, 011-2689596 යන ෆැක්ස් අංකය හෝ [email protected] සහ [email protected] යන විද්‍යුත් ලිපිනයන් ඔස්සේ ජාතික වාණිජ මණ්ඩලය හා සම්බන්ධ විය හැකිය.