මැදිකාලීනව උද්ධමනය මැදි තනි අගයක ස්ථාවර කිරීමේ තීරණය අනුව යමින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කර තිබේ.
ඒ අනුව, දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය බව 2018 මැයි මස 10 වැනි දින පැවති රැස්වීමේදී මුදල් මණ්ඩලය තීරණය කරමින්, මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින් 7.25% ක් සහ 8.50% ක් ලෙස නොවෙනස්ව පවත්වා ගනු ඇත.