ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම ප්‍රාදේශීය කාර්යාලය කිලිනොච්චියේ අරිවියල් නගර් හි ස්ථාපිත කරමින් පසුගිය 6 වැනිදා එහි රාජකාරී කටයුතු ආරම්භ කර තිබේ.
නැවත පදිංචි කිරීම් ප්‍රතිසංස්කරණ හා හින්දු ආගමික කටයුතු පිළිබඳ අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් සහ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් නව කාර්යාලය විවෘත කර තිබේ.