වසර 30කින් කල් පිරෙන භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව සම්බන්ධ පරීක්ෂණය නිම වනතුරු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා නිවාඩු මත මෙරට සිටිනු ඇති බව නිවේදනයක් නිකුත් කරන මහ බැංකුව පවසයි. එබැවින් මුදල් මණ්ඩලය විසින් නියෝජ්‍ය අධිපති පී. සමරසිංහ මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිවරයා වශයෙන් පත්කර ඇති බවද මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.