භූමිගත දත්ත යටිතලපහසුකම් පද්ධතියේ සේවාවන් ළඟදීම
ජාතික භුමිගත දත්ත යටිතල පහසුකම් පද්ධතියේ (NSDI) සේවාවන් ඉදිරි සිව් මස තුළදී ජනතාවට ලබාගත හැකි බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.
ඒ අනුව මෙම ජාතික භුමිගත දත්ත යටිතල පහසුකම් පද්ධතිය තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා මානව සම්පත සුදානම් කිරීම මේ වනවිට ආරම්භ කර ඇත.
රාජ්‍ය ආයතනවලින් තෝරාගන්නාලද ක්ෂේත්‍ර නිලධාරීන් 300කට පමණ මේ වසර තුළදී මේ අනුව පුහුණුව ලබාදීමට නියමිතව තිබේ.
පළාත් පාලන අමාත්‍යංශය, ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුව සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යන ආයතනයන්හි ක්ෂේත්‍ර නිලධාරීන් සඳහා මෙසේ පුහුණුව ලබාදෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.
ජාත්‍යන්තර ප්‍රමිතීන්ට සහ නිර්නායකයන්ට අනුව මෙම ජාතික භුමිගත දත්ත යටිතල පහසුකම් පද්ධතිය සකස් කෙරෙන බව ද නියෝජිතායතනය වැඩිදුරටත් පවසයි.
popular news
-
R S S Doragamuwa Thursday, 24 September 2020 04:44 PM
export market ekata waga kirimata idam labaganne kohomada monawada thibiyayuthu sudusukam
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

