බෝපේ - පොද්දල දැව කැටයම් ගම්මානය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් ඊයේ (04දා) ජනතා අයිතියට පත් කෙරිණි.
සම්ප්‍රදායික හස්ත කර්මාන්ත ගම්මාන සංවර්ධනයට 2012 අයවැය ප්‍රතිපාදන යටතේ වෙන් කරනලද ප්‍රතිපාදනවලින් රු.මිලියන 7.5ක වියදමකින් සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයේ අධීක්ෂණය යටතේ මෙම වැඩසටහන කි‍්‍රයාත්මක කෙරෙයි.
මෙහිදී ශිල්පීන් සඳහා උපකරණ ලබාදීම, නව මෝස්තර පුහුණුව ලබාදීම, ප්රචාරාත්මක වැඩපිළිවෙළක් සැකසීම,වෙළෙඳ පොළ අවස්ථා විවර කරදීම ආදී කටයුතු රැසක් සිදුවිය. ගාල්ල, බෝපෙ පෝද්දල සාම්ප්‍රදායික ලී කැටයම් ගම්මානයේ ශිල්පීන් සඳහා උපකරණ බෙදාදීමද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදුවිය. 150 දෙනෙකු වෙත උපකරණ ප්රදානය කෙරෙන අතර එය සංකේතවත් කරමින් 10 දෙනෙකු වෙත ජනාධිපතිවරයා අතින් උපකරණ ප්රදානය කෙරිණි. ශිල්පීන්ගේ වැඩහල් නිරීක්ෂණය කිරීමටද ජනාධිපතිවරයා එක් විය.
එම ශිල්පීන් විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත තම උපහාරය පිළිගන්වමින් තම නිර්මාණ කිහිපයක්ද පිළිගන්වන ලදී.
සාම්ප්‍රදායික හස්ත කර්මාන්ත ගම්මාන සංවර්ධන වැඩසටහන යටතේ ගම්මාන 07ක් සංවර්ධනය කිරීමට රජය පියවර ගෙන ඇති අතර මහනුවර නීලවල ස්වර්ණාභරණ ගම්මානය, මහනුවර කූරගල සංගීත භාණ්ඩ ගම්මානය, මාතර හිත්තැටිය සංගීත භාණ්ඩ ගම්මානය, මාතලේ පහළ හපුවිද ලාක්ෂා ගම්මානය, මාතලේ උණවේරුව සේසත් ගම්මානය, කළුතර බටුවිට, බණ්ඩාරවත්ත වෙස් මුහුණු ගම්මානය ඊට ඇතුළත්ය.