ශ්‍රී ලංකන් සමාගම වෙත අධික මිල ගණන් යටතේ ඇණවුම් කළ ඒ 350 මාදිලියේ ගුවන් යානා 4ක් ලැබීමට නියමිත බවත්, ඒවා ලබාගත්තොත් මසකට ඇ.ඩො.මිලියන 890ක පමණ අලාභයක් විඳීමට සිදුවන බවත් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.
මුදල් අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේ ඊයේ (04දා) මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් අමාත්‍යවරයා,
"ආර්ථිකය කඩා වට්ටපු උදවිය ආර්ථිකය කඩා වැටිල කියල කියාගෙන යනවා. මං පැහැදිලි කරන්නම් කවුද ආර්ථිකය කඩා වැට්ටුවෙ කියල. පහුගිය පාලන සමයේ ඉතා දූෂිත ක්‍රමවේද යටතේ රටට අනවශ්‍ය වියදම් රැසක් කළා. ඒ අතරින් එකක් තමයි ශ්‍රී ලංකන් සමාගම වෙත අධික මිල ගණන් යටතේ ඇණවුම් කළ ඒ 350 මාදිලියේ ගුවන් යානා.
මගී බස් රථ අවශ්‍ය වෙලාවෙ කලින් රජයේ දායාදයක් විදියට තමයි අපට මේවා ලැබෙන්නෙ. නමුත් නීත්‍යනුකූල රජයක් විදියට, අපට මේව ගෙවන්න බැහැ කියල කියන්න හැකියාවක් නහැ. නමුත් අපි මේවා ලබා ගත්තොත් මාසෙකට ඇ.ඩො.මිලියන 890ක විතර අලාභයක් අපට විඳින්න වෙනවා. ඒ නිසා අපි දඩ මුදලක් ගෙවලා අදාළ ලීසිං සමාගමට මේ යානා පවරන්න තීරණය කළා.
ඒ දඩ මුදලින් අපට බස් රථ 20,000ක් විතර ගන්න තිබුණා. අධ්‍යාපනය වෙනුවෙන් තව මුදල් වෙන් කරන්න තිබුණා.” යැයි වැඩිදුරටත් පවසා සිටියේය.