දිවයින පුරා ගමත් නගරයත් යාකරමින් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් රට පුරා ක්‍රියාත්මක කරන ග්‍රාමීය පාලම් 1,210 ප්‍රථම අදිරය යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ ඉදිකරන පාලම් 10න් පාලම් ගණනාවක කටයුතු මේවන විටත් නිමාවට පත්ව ඇති බව එම අමාත්‍යාංශය පවසයි.
බදුල්ල දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාශ 09කට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 15ක ඉදිවන මෙම ග්‍රාමීය පාලම් 10මගින් දිස්ත්‍රික්කයේ ලක්ෂ 03කට ආසන්න ජනතාවගේ ආර්ථික තත්ත්වය වැඩිදියුණු කරමින් සෙත සැලසෙන බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් රෝහණ දිසානායක මහතා ප්‍රකාශ කළේය.