ප්‍රංශ ආධාර යටතේ ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කරනු ලබන පාලම් 46ක් නැවත ඉදිකිරීමේ ව්‍යාපෘතිය යටතේ මේ වන විට පාලම් 28ක ඉදිකිරීම් නිමකර ඇතැයි යුනිබි‍්‍රජ් ආයතනයේ සභාපති පිලිප් මටීරේ මහතා ප්‍රකාශ කළේය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කලේ පසුගියදා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේදී අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේදීය.
මෙහිදී ප්‍රංශ රජය මගින් ලංකා තුළ ක්‍රියාත්මක කරනු ලබන පාලම් ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳවත් ඉදිරි ඉදිකිරීම් කටයුතු පිළිබඳවත් අමාත්‍යවරයා සහ යුනිබි‍්‍රජ් ආයතනයේ සභාපතිවරයා අතර සාකච්ඡා කෙරිණි.
ශී‍්‍ර ලංකාව තුළ අබලන් තත්ත්වයේ පවතින පාලම් 46ක් පුළුල් කිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ප්‍රංශ රජය මගින් යුරෝ මිලියන 22ක මූල්‍යාධාරයක් ශ්‍රී ලංකාවට ලැබුණු අතර, ඒ යටතේ දිවයිනේ විවිධ පළාත් ආවරණය වන පරිදි පාලම් ඉදිකිරීම ප්‍රමුඛතා මත තෝරා ගන්නා ලදී.