පොහොසතුන් ණය ගෙවීම පැහැර හැරීම සඳහා නොයෙක් උපක්‍රම යෙදුවද, ණය මුදලක් ලබාගත් දුප්පත් ජනතාවගෙන් 90% - 95%ක් ණය ගෙවීම කලට වේලාවට සිදුකරන බව විශේෂ කාර්යභාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසා සිටියේය.
අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේ පසුගියදා කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේ පැවති ජාත්‍යන්තර ක්ෂුද්‍ර මූල්‍ය සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.
මෙම සම්මන්ත්‍රණය සඳහා දකුණු ආසියානු කලාපීය රටවල මහ බැංකු හා එම රටවල අමාත්‍යාංශ නියෝජනය කරමින් සාමාජිකයන් 260ක් සහභාගී වූහ. ඔවුන් ඉන්දියාව, බංග්ලාදේශය, ඇෆ්ගනිස්ථානය, ශ්‍රී ලංකාව, නෝපාලය, පකිස්තානය යන රටවලට අයත් වෙති. මෙම සමුළුව සංවිධානය කර තිබුණේ දකුණු ආසියානු ක්ෂුද්‍ර ව්යසවසායකයන්ගේ ජාලය සහ ලංකා ක්ෂුද්‍ර මූල්‍ය නියුක්තිකයන්ගේ සංවිධානය මගිනි. කලාපීය සහයෝගීතාව සහ අන්‍යෝන්‍ය බැඳීම සවිමත් කිරීම මෙන්ම, කලාපීය සාමාජිකයන් අතර දැනුම හුවමාරු කරගැනීම අරමුණු කරගෙන 2008 දී දකුණු ආසියානු ක්ෂුද්‍ර ව්‍යවසායකයන්ගේ ජාලය අරඹා ඇත. මෙම සම්මන්ත්‍රණය අමතා වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"අප ජීවත් වන දකුණු ආසියානු කලාපයේ බහුතර ජනතා දුප්පතුන්. මේ අයට තමන්ගේ ව්‍යාපාරයක් ඇරඹීම සඳහා මුදල් සොයාගැනීමේ ක්‍රම ඉතා විරලයි. මේ තත්ත්වය මඟහරවා ගනිමින්, තිරසාර සංවර්ධනයක් කරා අප ගමන් කළ යුතුයි. දුප්පතුන්ගෙන් ඉතා සුළු පිරිසක් හැරෙන්නට බහුතර පිරිසක් ණය ලබාගන්නේ ආයෝජන සඳහා නොවෙයි. ඒ පාරිභෝජන අවශ්‍යතා හෝ යම් යම් වෙනත් කරුණු උදෙසායි. මේ ජනතාව ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට සක්‍රීයව බද්ධ කරගැනීම සඳහා මේ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන අතිශය වැදගත්. ඒ වගේම, ක්ෂුද්‍ර මූල්‍ය පහසුකම් ලැබූ ග්‍රාමීය කාන්තාවන් ඒවා නිසි පරිදි කලට වේලාවට ගෙවා දැමීමේ හොඳ වාර්තා තබා තිබෙනවා. එසේම මේ ග්‍රාමීය කාන්තාව ඉතා හොඳ ව්‍යවසායකයෙකු බවද කිව හැකියි. පොහොසතුන් ණය ගෙවීම පැහැර හරිමින් කට්ටි පැන්නත්, මේ දුප්පත් ග්‍රාමීය කාන්තාව තමා ලබාගත් ණය ගෙවා දමනවා. මේ ණය ගත් අයගෙන් ආපසු ණය ගෙවීම් 90% - 95%ක් තරම් ඉහළ ප්‍රතිශතයක් ගන්නවා. ශ්‍රී ලංකාවේ ණය ගනුදෙනු සම්බන්ධ මෙවැනි ආයතන 7,500ක් පමණ පවතිනවා. ඒවා මහ බැංකුවට අධීක්ෂණය කිරීම පහසු කටයුත්තක් නොවෙයි. එමෙන්ම ආයෝජකයන්ගේ, ණය ගැතියන්ගේ සුරක්ෂිතතාව වෙනුවෙන් කිසියම් ක්‍රමවත් වැඩපිළිවෙලක්, මග පෙන්වීමක් අත්‍යවශ්‍ය වෙනවා" යැයි පවසා සිටියේය.