පොදු රාජ්‍ය මණ්ඩලීය මුදල් අමාත්‍යවරුන්ගේ හමුව පසුගිය 06දා අමෙරිකාවේ වොෂිංටන් නුවර දී පැවැත්විණි.
ලෝක ආර්ථික අර්බුදය, බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීම, දේශගුණික විපර්යාසවලට මුහුණදීම සඳහා වූ මූල්‍ය සූදානම ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් මෙහි දී සාකච්ඡා කෙරිණි.
මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.