පුත්තලම ක්ෂේත්‍ර නිලධාරීන්ට යතුරුපැදි
රාජ්‍ය සේවයේ ක්ෂේත්‍ර නිලධාරීන්ට යතුරුපැදි ලක්ෂයක් බෙදාදීමේ වැඩසටහන යටතේ පුත්තලම දිස්ත්‍රික්කයේ ක්ෂේත්‍ර නිලධාරීන් 4,000කට යතුරුපැදි බෙදාදීමේ උත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06දා) පස්වරුවේ වෙන්නප්පුව ශ්‍රීමත් ඇල්බට් එෆ්. පීරිස් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ජනතාවට ලබාදීමේ අරමුණින් මෙසේ රාජ්‍ය සේවකයන් ලක්ෂයකට යතුරුපැදි බෙදාදීමේ වැඩසටහන ක්‍රියාවට නැංවෙන බව රජය පවසයි.
ඒ අනුව, පුත්තලම දිස්ත්‍රික්කයේ යතුරුපැදි බෙදාදීම සංකේතවත් කරමින් ක්ෂේත්‍ර නිලධාරීන් 15 දෙනෙකුට ජනාධිපතිවරයා අතින් යතුරු පැදි ප්රදානය කෙරිණි.
ජ්‍යෙෂ්ඨ අමාත්‍ය මිල්රෝයි ප්‍රනාන්දු, අමාත්‍යවරුන් වන මෛත්‍රීපාල සිරිසේන, ප්‍රියංකර ජයරත්න, වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස ආර්. බලල්ල, නියෝජ්‍ය අමාත්‍ය වික්ටර් ඇන්තනී යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

