2020 වනවිට ඇ.ඩො.බිලියන 20ක අපනයන ඉලක්කයක් සැපිරීමත්, එයින් ඇ.ඩො.බිලියන එකක් කුරුඳු ඇතුළු කුළුබඩු අපනයනයන් හරහා ඉපැයීමත් රජයේ අපේක්ෂාව බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.
අමාත්‍යවරයා මෙසේ අදහස් දක්වා සිටියේ කුරුඳු අපනයනකරුවන් සඳහා ‘පියෝ සිලෝන් සිනමන්’ සන්නාම බලපත්‍ර ප්රදානය කිරීමේ උත්සවයේ ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගී වෙමිනි.
ලෝක වෙළෙඳ පොළ තුළ කුරුඳු වර්ග දෙකක් පවතින අතර, එය සත්‍ය කුරුඳු (Ceylon Cinnamon) සහ කැසියා කුරුඳු (Cassia) ලෙස හැඳින්වෙයි. ඉන්දුනීසියාව, චීනය හා වියට්නාමය යන නැගෙනහිර ආසියාතික රටවල්වලද, දකුණු ඇමෙරිකානු රටවල්වලද කැසියා වගාකරනු ලබන අතර, මේවා ඖෂදීය හා ගුණාත්මක බවින් ඉතා පහළ මට්ටමක පවතී.
ලෝකයේ උසස්ම කුරුදු ලෙස සලකන ‘සත්‍ය කුරුඳු’ ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරනු ලැබූවත්, පසුගිය වකවානුව පුරා කුරුඳු ආදේශකයක් වන කැසියා සමග දැඩි වෙළෙඳ පොළ තරගකාරීත්වයකට මුහුණ දීමට අපනයනකරුවන්ට සිදුවී තිබිණි. එමෙන්ම කැසියා හා සත්‍ය කුරුඳු නිසිපරිදි හඳුනාගැනීමට වෙළෙඳ පොළ තුළ විධිමත් ක්‍රමවේදයක් නොමැති විය. ඊට විසඳුමක් වශයෙන් 2011 වසරේදී ‘පියෝ සිලෝන් සිනමන්’ වෙළෙඳ සන්නාමය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හඳුන්වා දුන් අතර, ‘ශ්‍රී ලංකා තේ’ (Ceylon Tea) හැරුනු විට ශ්‍රී ලංකාව සතුවන දෙවැනි ජාත්‍යන්තර වෙළෙඳ සන්නාමය ‘පියෝ සිලෝන් සිනමන්’ (Pure Ceylon Cinnamon) බවද මෙහිදී කියවුණි.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සංවිධානය මෙම උත්සවහ සංවිධානය කර තිබුණි.