ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යාංශය, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය, කාර්මික සංවර්ධන මණ්ඩලය හා පාවහන් හා සම් භාණ්ඩ නිෂ්පාදකයන්ගේ සංගමයේ සංවිධානයෙන් අටවන වරටත් සංවිධානය කරනු ලබන පාවහන් සහ සම්භාණ්ඩ ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය පෙබරවාරි 05,06 සහ 07 යන දිනයන්හි දවස පුරා සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී පැවැත්වේ.
දේශීය හා විදේශීය වශයෙන් මෙරට පාවහන් හා සම්භාණ්ඩ ප්‍රචලිත කිරීම, නිර්මාණශීලී හැකියාවකින් යුතු සුළු හා මධ්‍ය පරිමාණ නිපැයුම් කරුවන්ට අපනයන අවස්ථා උදා කරලීම, සුළු හා මධ්‍ය පරිමාණ නිපැයුම් කරුවන් හා අපනයනයේ නිරත විශාල සමාගම් අතර අන්‍යෝන්‍ය සබඳතා ගොඩ නැංවීම මෙන්ම ශ්‍රී ලාංකීය පාවහන් හා සම්භාණ්ඩ ක්ෂේත්රයේ ප්‍රතිරූපය ඉහළ නැංවීම මෙම ප්‍රදර්ශනයේ අරමුණු අතර වේ.