ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආහාර, කෘෂිකර්ම සහ ඇසුරුම්කරණ ප්‍රදර්ශනය වන ප්‍රෝෆුඩ්-ප්රෝපැක් ඇන්ඩ් ඇග්බිස් 2016 ප්‍රදර්ශනය 15 වැනි වරටත් එළැඹෙන අගෝස්තුවේදී පැවැත්වෙන බව එහි සංවිධාකයන් වන ශ්‍රී ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ සංගමය පවසයි.
එම සංගමය සහ ලංකා ප්‍රදර්ශන හා සම්මේලන සේවාවේද සහාය ඇතිව මෙම ප්‍රදර්ශනය එළැඹෙන ආගෝස්තු මස 12,13 සහ 14 යන දිනවල කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතය.
මෙවර ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ ගොවිපොළෙන් මුළුතැන්ගෙට යන තේමාව ඔස්සේය.