ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය හා වාණිජ දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරනු ලබන රජය විසින් මෑතකදී සම්මත කරගනු ලැබු 'ප්‍රපාතන හා ප්රතිතෝලන බදු පිළිබඳ නීතිය' ගැන දැනුවත් කිරීමේ වැඩමුළුවක් 2018 අප්‍රේල් 04දා කොළඹදී පැවැත්වේ.
එදින පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා කොළඹ 10, ඩී.ආර්. විජයවර්ධන මාවත, නො.450 යන ස්ථානයේ පිහිටි ශ්‍රී ලංකා වාණිජ මණ්ඩල ශ්‍රවණාගාරයේදී මෙම සම්මන්ත්‍රණය පැවැත්වීමට නියමිතය.
මෙම පනත මගින් ව්‍යාපාරික ප්‍රජාව සඳහා බොහෝ ප්රතිලාභ ලැබෙන අතර, ඇතැම් රටවල් විසින් සිදුකරනු ලබන අසාධාරණ වෙළෙඳ පිළිවෙත්වලට මුහුණ දීමට මෙන්ම, පාලනයකින් තොරව ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන භාණ්ඩවලින් දේශීය කර්මාන්ත සහ නිෂ්පාදකයන් ආරක්ෂා කෙරෙන බවද ඔවුහු පෙන්වා දෙති. ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලැබූ භාණ්ඩයේ සැබෑ වටිනාකමට වඩා අඩු මිලක් යටතේ වෙළෙඳ පොළට නිෂ්පාදන හඳුන්වා දෙනු ලැබීමට එරෙහි 'ප්‍රපාතන විරෝධී බදු' සහ විදෙස් රජයන් විසින් ලබාදෙනු ලබන විවිධ සහනාධාර හේතුවෙන් අසාමාන්‍ය ලෙස අඩු මිලට මෙරට වෙළෙඳ පොළට ආනයනික භාණ්ඩ පිවිසීමට එරෙහි 'ප්රතිතෝලන බදු' පැනවීම හා විමර්ශනය කිරීම පිණිස විධිවිධාන ඇතුළත් %ප්‍රපාතන විරෝධී සහ ප්රතිතෝලන බදු පනත් කෙටුම්පත^ සම්මත කරගෙන ඇති බවද ඔවුහු පවසති. තවද, මෙම වැඩමුළුව මගින් ප්‍රපාතන හා ප්රතිතෝලන බදු පිළිබඳ නීතිය ක්‍රියාත්මක කරන ආකාරය පැහැදිලි කෙරෙන බවද ඔවුහු පෙන්වා දෙති.
වාණිජ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සොනාලි විජේරත්න මහත්මිය මෙම වැඩමුළුව සඳහා විශේෂ අමුත්තෙකු ලෙස සහභාගි වන අතර, වාණිජ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් ප්‍රපාතන හා ප්රතිතෝලන බදු පිළිබඳ නීතිය හා අසාධාරණ ව්‍යාපාරික භාවිතයන් පිළිබඳව පරීක්ෂණ ආරම්භ කිරීමටත්, නීති විරෝධී ලෙස ආනයනය කරනලද ආනයනික රටවලට එරෙහිව ආරක්ෂක පියවරයන් ගැනීමටත් ඇති බලය පිළිබද දැනුවත් කිරීම සිදුකරනු ලබන බවත් ඔවුහු පෙන්වා දෙති.
ඊට අමතරව, නීතිපතිවරයාගේ රජයේ අධිනීතීඥවරු, මෙම නීතියේ නීතිමය පැතිකඩ සහ මෙම ක්‍රියාවලියට සම්බන්ධ වෙනත් ක්‍රියාකාරකම් පිළිබඳව ඉදිරිපත් කරන අතර, ප්‍රශ්න හා පිළිතුරු සැසියක්ද පැවැත්වෙන බව ඔවුහු පවසති. දුරකථන අංක 011-4741788 හෝ ඊමේල් [email protected], [email protected] ඔස්සේ ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය ඇමතීමෙන් මේ සඳහා ලියාපදිංචි විය හැකි අතර, ආසන සීමිත බැවින් ඒවා පූර්ව ලියාපදිංචිය මත වෙන් කෙරෙන බවද ඔවුහු වැඩිදුරටත් පවසා සිටිති