ශ්‍රී ලංකාව විසින් ප්‍රංශයේ විශාලතම සංචාරක නියෝජිත සංවිධානයේ 2016 වාර්ෂික සම්මේලනයේ සත්කාරකත්වය හිමිකර ගනිමින්, එම සම්මේලනය පසුගිය ඔක්තෝබර් 31 වැනිදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පවත්වා තිබේ.
විශේෂ කාර්යභාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා ජනාධිපතිවරයා වෙනුවෙන් මෙම සම්මේලනය ඇමතූ බව එම අමාත්‍යාංශය පවසයි.
එහිදී, ජනාධිපතිවරයා වෙනුවෙන් සම්මේලන නියෝජිතයන් උණුසුම්ව පිළිගත් ඇමතිවරයා සංචාරක ව්‍යාපාරය සදහා ශ්‍රී ලංකාවේ දියුණු වෙමින් පවතින විභවයද, ඒ සඳහා මෙරට විසින් සලස්වමින් පවතින පහසුකම්ද ඔවුන්ට පැහැදිලි කර දී තිබේ.