පළාත් ධීවර අමාත්‍ය සමුළුව ජුලි 01දා
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ සංකල්පයක් අනුව පළමුවරට පවත්වනු ලබන පළාත් ධීවර අමාත්‍යවරුන්ගේ සමුළුවක් 2014 ජුලි මස 01 වන අඟහරුවාදා පෙ.ව. 9.00 ට බත්තරමුල්ල තලවතුගොඩ මොනාර්ච් හෝටලයේදී පැවැත්වීමට නියමිතය.
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුවට බස්නාහිර, දකුණ, උතුරු, නැගෙනහිර, මධ්‍යම, උතුරු මැද, සබරගමුව, වයඹ හා ඌව පළාත් සභාවල ධීවර විෂය භාර අමාත්‍යවරු 9 දෙනාම සහභාගි වීමට නියමිතය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මහින්ද චින්තන ඉදිරි දැක්මට අනුව මධ්‍යම රජය හා පළාත් ධීවර අමාත්‍යාංශ අතර පවතින අන්‍යොන්‍ය සම්බන්ධතාව වැඩි දියුණු කිරීමත්, ධීවර හා ජලජ සම්පත් විෂය මනා කළමනාකාරීත්වයකින් යුතුව සංවර්ධනය කිරීමත් අරමුණු කර ගනිමින් මෙම පළාත් ධීවර අමාත්‍යවරුන්ගේ මංගල සම්මේලනය පැවැත්වෙන බව ධීවර අමාත්‍යාංශය පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

