2016 මාර්තු 31 වැනි දිනෙන් අවසන් වර්ෂය සහ 2016 ආගෝස්තු 31 වැනි දිනෙන් අවසන් මාස 5 තුළ ප්‍රාථමික වෙළෙඳුන්ගේ මූල්‍ය කාර්යසාධනය ඇතුළු සමස්ත ක්‍රියාකාරීත්වය පිළිබඳ වූ අතුරු වාර්තාව ඊයේ (14දා) පැවැත්වූ විශේෂ මුදල් මණ්ඩල රැස්වීමේදී සැලකිල්ලට භාජනය වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ඒ අනුව, එම වාර්තාව මගින් ප්‍රාථමික වෙළෙඳුන්ගේ ක්රියාකාරීත්වයේ තියුණු විෂමතාවයන් මෙන්ම, භාණ්ඩාගාර බිල්පත් වෙළෙඳ පොළ තුළ ඔවුන්ගේ ගනුදෙනු රටාවේ පවතින යම් යම් ගැටලු සම්බන්ධයෙන්ද අවධානය යොමු කර තිබේ.
ඒ අනුව, මුදල් මණ්ඩලය විසින් දැනට කරමින් පවතින පරීක්ෂණ වාර්තා ක්‍රියාවලිය කඩිනමින් නිම කරන ලෙස අදාළ පාර්ශ්වයන්ට උපදෙන් ලබාදුන් බවත්, මෙය මුදල් මණ්ඩලය විසින් ඉදිරියේදී ගතයුතු ක්‍රියාමාර්ග කඩිනමින් නිර්ණය කිරීමට ඉවහල් වනු ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පවසයි.