දැනුම පදනම් කරගත් කර්මාන්ත සිදු කිරීමේ ම්යධස්ථානයක් ලෙස ඉදිකෙරෙන පිටකොටුව නොලේජ් පාක් සංකීර්ණය අද (6දා) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක්විය.
මරදාන ආසන්නයේ තිබෙන අක්කර 25කින් සමන්විත ට්‍රිපෝලි මාර්කන් නමැති පැරණි ගොඩනැගිලි පිහිටි ස්ථානයේ මෙම ඉදිකිරීම් කටයුතු සිදුකෙරෙන අතර, එහි පළමු අදියර මේ වනවට අක්කර 12ක ඉදිකිරීම් සිදුකර ඇත.
රාජ්‍ය ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මගපෙන්වීමෙන් නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදිකිරීම් කටයුතු සිදුකරයි. ව්‍යාපෘතිය සඳහා වැයවන මුදල ඇ.ඩො.මිලියන 7ක් බව කියැවෙයි.