නිෂ්පාදකයා ලබන මිල ගණන්වල සාමාන්‍යයෙහි වැඩිවීම සම්බන්ධයෙන් දර්ශකයක් නිකුත් කිරීම අරමුණු කරගනිමින් නිෂ්පාදකයාගේ මිල දර්ශකය නමින් නව මිල දර්ශකයක් හඳුන්වාදීම සිදුවිය.
ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද (16දා) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වූ මාධ්‍ය හමුවේදී මෙම කරුණු අනාවරණය විය.
මෙම දර්ශකය ගණනය කිරීම සඳහා මේ අවස්ථාවේදී කෘෂිකර්මාන්ත, කර්මාන්ත මෙන්ම, ජල හා විදුලිබල යන ක්ෂේත්‍ර තුනට සීමා වී ඇත.
එමෙන්ම, මේ සඳහා තොරතුරු රැස්කිරීම නිෂ්පාදකයන් වැඩිම ප්‍රමාණයක් ආවරණය කෙරෙන බස්නාහිර, දකුණ හා මධ්‍යම යන පළාත් තුනට පමණක් සීමා වූ බවද මෙහිදී සඳහන් විය.