ශී‍්‍ර ලංකාවේ ප්‍රදේශ කිහිපයක මේ වනවිට ඇති වී තිබෙන දැඩි නියඟය හේතුවෙන් පීඩාවිදින ජනතාවට සහන සැලසිම සඳහා විශේෂ වැඩසටහනක් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සමඟ ලෝක ආහාර වැඩපිළිවෙල එක්ව කි‍්‍රයාත්මක කිරීමට සැලසුම් කර ඇති බව පෙන්වා දෙයි.
පසුගියදා ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ දී පැවැත්විණි. තෝරාගත් ප්‍රතිලාභීන් සඳහා ආහාර සහ මූල්‍යමය යන අංශ දෙක යටතේ සහනාධාර ලබාදීමට මෙම සාකච්ඡාවේදී තිරණය කර තිබේ. මේ යටතේ දිස්ති‍්‍රක්ක 14කට පළමු මාසයේ දී ප්‍රතිලාභීන් 191,300ක් සහ දෙවැනි මාසයේ දී ප්‍රතිලාභීන් 84,450ක් සඳහා ප්රතිලාභ ලබාදීමට අපේක්ෂා කරන බව අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව, මොණරාගලල පොළොන්නරුවල අනුරාධපුරය, හම්බන්තොට, මුලතිව්, කිලිනොච්චි, අම්පාර, මඩකලපුව, ති‍්‍රකුණාමලය, යාපනය සහ කුරුණෑගල යන දිස්ති‍්‍රක්කවල තෝරාගත් ප්‍රතිලාභීන් 176,400 ක් සඳහා පළමු මාසය තුළ සහල් මෙටි්රක් ටොන් 2,116.80 ක්, පරිප්පු මෙටි්රක් ටොන් 529.20 ක් සහ එළවලූ තෙල් මෙටි්රක් ටොන් 132.30 ක් ආහාරමය ආධාර වශයෙන් ලබාදීමට තීරණය කර ඇත. මේ සඳහා වැයවන මුළු මුදල දළ වශයෙන් රුපියල් දස ලක්ෂ 252.27කි.
මන්නාරමල වවුනියාව සහ පුත්තලම යන දිස්ති‍්‍රක්ක තුනට මූල්‍යමය ආධාර ලබාදීමට ද මෙහිදී තීරණය කෙරිණි. ඒ අනුව එම දිස්ති‍්‍රක්කයන්හි නියඟයෙන් පීඩාවට පත් ජනතාව සඳහා පළමු මාසය තුළ මූල්‍යාධාර වශයෙන් ලබාදීමට වෙන්කර ඇති මුදල රුපියල් දස ලක්ෂ 29කි.පළමු මාසයේ මෙම ආධාර ප්‍රතිලාභීන් වෙත නොමිලේ (වැඩ සිදුකිරීමෙන් තොරව) ලබාදෙනු ඇති බව අමාත්‍යාංශය පවසයි.
දෙවන මාසයේ දී ප්‍රතිලාභීන් වෙතින් තාක්ෂණික නොවන වැඩ (මෘදු වැඩ) ලබා ගැනීමෙන් පසු ආහාර සහ මූල්‍යාධාර ලබාදීමට නියමිතය. ඒ අනුව ආහාර සහනාධාර ලබාදීම යටතේ දිස්ති‍්‍රක් 11 හි තෝරාගත් ප්‍රතිලාභීන් සඳහා ලබාදීමට නියමිත සහල් ප්‍රමාණය මෙටි්රක් ටොන් 646.80 කි. එහි වටිනාකම රුපියල් දස ලක්ෂ 35.6 කි. මූල්‍යාධාර ලබන දිස්ති‍්‍රක්ක තුනෙහි ප්‍රතිලාභීන්ට දෙවන මාසයේ දී ලබා ගන්නා සේවයට ගෙවීම් සිදුකිරීම සඳහා වැය වන මුදල රුපියල් දස ලක්ෂ 07 කි.
මෙම ආධාර ලබාදීම සඳහා ප්‍රතිලාභීන් තෝරා ගැනීම දිස්ති‍්‍රක් ලේකම්වරුන් හරහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් සිදු කිරීමට දැනටමත් කටයුතු යොදා ඇත. මේ සඳහා ශී‍්‍ර ලංකා රජය විසින් ලෝක ආහාර වැඩපිළිවෙල සදහා පරිත්‍යාග කළ රුපියල් දස ලක්ෂ 151.97 ක් පමණ වටිනා සහල් මෙටි්රක් ටොන් 2763.60 ක් මෙහිදී ලෝක ආහාර වැඩපිළිවෙල යටතේ බෙදා හැරීමට නියමිතය. රජය මගින් ලබාදෙන සහ වෙනත් ආයතන මගින් ලබාදෙන සහනාධාරවලට හිමිකම් නොලැබූ පුද්ගලයන්ට මෙම වැඩසටහනේ දී ප්‍රමුඛත්වය ලබාදීමට බලාපොරොත්තු වන බවත් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.