නව නැණසල මධ්‍යස්ථාන 11ක් වයඹ පළාතට අයත් පුත්තලම සහ කුරුණැගල යන දිස්ත්‍රික්කවල මෙම ජුනි මස 14 වැනිදා විවෘත කෙරෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.
ග්‍රාමීය ජනතාව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයෙන් සවිබල ගැන්වීමේ අරමුණෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක ‘නැණසල දහස’ වැඩසටහන යටතේ මෙම නැණසල මධ්‍යස්ථාන විවෘත වන බව නියෝජිතායතනය සඳහන් කරයි.
අන්තර්ජාල පහසුකම් සහිත නවීන තොරතුරු තාක්ෂණ අන්ගෝපාංගයන්ගෙන් මෙම නැණසල මධ්‍යස්ථාන සමන්විත වේ.
නැණසල මධ්‍යස්ථාන 11ක් එකම දිනකදී විවෘත කිරීම විශේෂත්වයක් බව පෙන්වා දෙන නියෝජිතායතනය මෙම වසර අවසාන වනවිට නැණසල දහසේ ඉලක්කය සපුරා ගැනීම අපේක්ෂාව බව සදහන් කරයි.
විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම විවෘත කිරීම් සිදු කිරීමට නියමිතය.
වයඹ පළාතේ මේ වනවිට නැණසල මධ්‍යස්ථාන ගණන 82ක් ස්ථාපිත කර තිබෙන අතර, දිවයින පුරා ස්ථාපිත කර තිබෙන නැණසල ගණන 790 කි.