නව සමාගම් සංස්ථාගත කිරීම අන්තර්ජාලයෙන්
නව සමාගම් සංස්ථාගත කිරීම ඇතුළු සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ලබන ප්රමුඛ සේවාවන් කිහිපයක් අන්තර්ජාලය ඔස්සේ (ඔන්ලයින්) ලබාදීම ආරම්භ කර තිබේ.
මෙමe Registrar of Companies (e-ROC) ව්‍යාපෘතියේ පළමු වැනි අදියර යටතේ නව සමාගම් සංස්ථාගත කිරීම සහ සමාගම් නාමය අනුමත කිරීම යන සේවා අන්තර්ජාලය ඔස්සේ සිදුකර ගැනීමට මහජනතාවට පහසුකම් සැලසෙන බව කියයි.
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය, සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා ඇත.
මේ අනුව නව සමාගම් සංස්ථාගත කිරීම සහ සමාගම් නාමය අනුමත කිරීම යන කටයුතු වලට අදාල ලිපි ලේඛන සේවාලාභීන්ට රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමටද ඒ සදහා වන මුල්‍ය ගෙවීම්ද අන්තර්ජාලය ඔස්සේ සිදු කිරීමට හැකිවේ.
eroc.drc.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම සේවාව ලබාගැනීමට හැකි බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

