ශ්‍රී ලංකාවේ ධීවරයන්ට අවශ්‍ය ධීවර දැල් නිෂ්පාදනයේ ප්රමුඛ ආයතනයක් වන මලබාර් ප්‍රයිවට් ලිමිටඩ් ධීවර දැල් නිෂ්පාදන ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක් සඳහා සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා එක්විය.
සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති නෝර්ත් සී ආයතනයේ ගුරුනගර්, වීරවිල හා ලුණුවිල පිහිටි මෙවැනිම ධීවර දැල් නිෂ්පාදන කර්මාන්ත ශාලාවන් සංවර්ධනය කිරීම උදෙසා මෙම ආයතනයෙන් ලබාගත හැකි තාක්ෂණය හා දැනුම යනාදිය සිය අමාත්‍යාංශය හා නෝර්ත් සී ආයතනයේ නිලධාරීන්ට ලබාදීම මෙම නිරීක්ෂණ චාරිකාවේ අරමුණ වූ බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
මෙම නිරීක්ෂණ චාරිකාවේදී එම නිෂ්පාදන ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂක ගාන්ධීපන් මහතා හමුවී ඒ පිළිබඳව අමාත්‍යවරයා සාකච්ඡා කළ අතර, ඊට අමාත්‍යාංශයේ ලේකම් වී.සිවඥාණසෝතී හා නෝර්ත් සී ආයතනයේ නිලධාරීන් සහභාගි වූහ.