නෙස්ලේ ලංකා සමාගම මෙරට නිෂ්පාදන කටයුතු ආරම්භකර සහ දේශීය කිරිගොවීන්ගෙන් කිරි එකතු කිරීම ආරම්භකර වසර 30ක් ගතවීම නිමිත්තෙන්, සිය නිෂ්පාදන කටයුතු සඳහා දායකවන දේශීය කිරි ගොවීන්ට උපහාර දැක්වීමේ උත්සවයක් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී පවත්වනු ලැබීය.
1984 වසරේදී නෙස්ලේ ලංකා සමාගම සිය නිෂ්පාදන කටයුතු මෙරට ආරම්භ කර ඇති අතර, දෛනිකව දේශීය කිරිගොවීන් 18,000කගෙන්, කිරි ලීටර් ලක්ෂ 2 ක් පමණ එක්රැස් කරනු ලබයි. ඒ වෙනුවෙන් වාර්ෂිකව කිරිගොවීන් සඳහා ගෙවනු ලබන මුදල රු.බිලියන 3.5 කට අධිකය. එහිදී, දැනට මෙරට පෞද්ගලික අංශයේ සමාගම් අතරින් වැඩිම කිරිප්රමාණයක් එකතු කරනු ලබන්නේ නෙස්ලේ සමාගම විසිනි. උතුරු පළාතේ ඇතුළුව කිරිඑකතු කිරීමේ මධ්‍යස්ථාන 1200 ක් සහ කිරිශීත කිරීමේ මධ්‍යස්ථාන 106 ක් ප්‍රමාණයක් නෙස්ලේ සමාගම සතුව ඇත.