2016 දෙසැම්බර් මාසය සඳහා වාර්ෂික උද්ධමනය 4.2% ක් ලෙස ගණනය කර ඇති අතර, නොවැම්බර් මාසයේ වාර්තා වූ 4.1% ක උද්ධමනය සමග සැසඳීමේදී දෙසැම්බර් මාසයේ උද්ධමනය මෙසේ සුළු ඉහළ යෑමක් පෙන්නුම් කර ඇත.
ජාතික පාරිභෝගික මිල දර්ශකය නිවේදනය කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය අමර සතරසිංහ මහතා දෙසැම්බර් මස වාර්ෂික උද්ධමනය නිවේදනය කළේය.