ආර්ථික සංවර්ධන අමාත්‍යංශය යටතේ ස්ථාපිත දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ කලාප අංක 03 ප්‍රධාන කාර්යාලය ලබන 27 වැනි දින පෙ.ව. 9.30ට මහනුවර ගැටඹේදී විවෘත කිරීමට නියමිත බව එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.
මහනුවර, ගැටඹේ, අංක 1120 දරන ස්ථානයේ ස්ථාපිත කෙරෙන මෙම කාර්යාලය මගින් මහනුවර සහ ඒ අවට ප්‍රදේශ රැසක දිවි නැගුම වැඩසටහන සම්බන්ධීකරණය කිරීමේ සියලු කාර්යයන් සිදු කරනු ඇති බව පැවසෙයි.
ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මුත්තු සිවලිංගම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මේ අවස්ථාව සඳහා මහනුවර දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයන් සහ රජයේ නිලධාරීන් රැසක් සහභාගී වීමට නියමිතය.