දිවි නැගුම ප්‍රතිලාභීන් ලක්ෂයකට සහනයක්
දිවි නැගුම සහන අරුණ යෝජනා ක්‍රමය අරඹා දින 4ක් තුළදී රටපුරා පිහිටි දිවි නැගුම ප්‍රජා මූල බැංකු මගින් ප්‍රතිලාභීන් ලක්ෂයකට ආසන්න පිරිසකට රු.50,000/- ක උපරිමයකට යටත්ව ණය ලබාදී ඇති බව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
දිවි නැගුම සහන අරුණ වැඩසටහන ආරම්භ කළේ පසුගිය සැප්තැම්බර් 01වැනිදාය.
මෙම ප්‍රතිලාභීන්ට අසුරු සැණින් මෙසේ මුදල් ලබාදී ඇත්තේ ඇපකරුවන්, වයස් සීමාවන්, බැඳුම්කර සහ අමතර ලියකියවිලි නොමැතිවය. ප්‍රතිලාභීන් ලක්ෂ 27ක් මෙම යෝජනා ක්‍රමයෙන් ණය ලබාගැනීමට සුදුසුකම් ලබා ඇති අතර ඒ සඳහා ළඟම පිහිටි ප්‍රජාමූල බැංකු වෙතට පැමිණිය යුතු බව පැවසෙයි.
දිවි නැගුම සහන අරුණ අරමුදලින් ප්‍රතිලාභීන් මුදල් ලබාගෙන ඇත්තේ කෘෂි, පශු සම්පත්, ධීවර සහ ගෘහ ආර්ථික අංශයන්හි ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘතින් ක්‍රියාත්මක කිරීම සහ වැඩිදියුණු කරගැනීම සදහා බව පෙන්වා දෙයි. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 327ක පිහිටි දිවි නැගුම ප්‍රජාමූල බැංකු 1073 මගින් ප්‍රතිලාභීන් දසලක්ෂයකට අධික පිරිසක් මෙම මාසය තුළදී සහන අරුණ යෝජනා ක්‍රමයට දායක වනු ඇතැයි අමාත්‍යාංශය විශ්වාස කෙරේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

