දින 100 ගැන අපනයනකරුවන් දැනුම්වත් කෙරේ
යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට පනවා ඇති මත්ස්‍ය අපනයන තහනම ඉවත් කරවා ගැනීමත්, අහිමි වී ඇති GSP+ බදු සහනය නැවත ලබාගැනීමත්, දින 100 වැඩසටහන යටතේ තම අමාත්‍යාංශයේ ප්රමුඛ කර්තව්‍ය බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසා සිටියේය.
අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ, රජයේ දින 100 වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය හා වාණිජ දෙපාර්තමේන්තුව හරහා සිදුකිරීමට නියමිත ව්‍යාපෘතීන් පිළිබඳ අපනයනකරුවන් දැනුවත් කිරීම හා ඔවුන්ගේ අදහස් හා යෝජනා ලබාගැනීම වෙනුවෙන් සංවිධානය කළ වැඩමුළුවක් අමතමිනි. මෙම වැඩමුළුව පසුගිය 25 වැනිදා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩල ප්‍රධාන කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"ඉන්දියාව හා පකිස්තානය සමග දැනට ක්‍රියාත්මක නිදහස් වෙළෙඳ ගිවිසුම් තවදුරටත් ශක්තිමත් කිරීම හා එම රටවල්වලින් ලබාදී ඇති තීරුබදු සහන උපරිම වශයෙන් ලබාගැනීමට කටයුතු කිරීම අපේ අපේක්ෂාවයි. ඉලක්කගත රටවල් සමග ද්වීපාර්ශ්වීය වෙළෙඳ කටයුතු පුළුල් කිරීමේ මූලික සාකච්ඡා ආරම්භ කොට තිබෙනවා. ඒ යටතේ, වියට්නාම් වෙළෙඳ පොළට වැඩි ප්‍රවේශයක් ලබාගැනීම, යෝජිත චීන-ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමේ තුන් වැනි සාකච්ඡා අදියරට එළැඹීම, ජපන් වෙළෙඳ පොළ ප්‍රවර්ධනය, තුර්කිය සමග නව වෙළෙඳ අවස්ථා ඇතිකර ගැනීමට අදාල සාකච්ඡා පැවැත්වීම ප්‍රධාන තැනක් ගන්නවා." යැයි පවසා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

