කුලියාපිටියේදී මාර්තු 21 සිට 27 දක්වා පැවැත්වීමට නියමිත 'දැයට කිරුළ 2014' නිමිත්තෙන් පවත්වන අටවැනි ජාතික ප්‍රදර්ශනයේ සැලසුම් කටයුතු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ නිරික්ෂණයට අද (10දා) දිනයේ ලක්විය.
ප්‍රදර්ශනය පැවැත්වෙන කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාල භූමියේදී, රුපියල් දශලක්ෂ 140ක වියදමින් ඉදිකරන ලද නවීනතම සහ අංග සම්පූර්ණ ශ්‍රවණාගාරය සහ පුත්තකාලය විවෘත කිරීම මෙහිදී අමාත්‍යවරයා විසින් සිදුකරන ලදී. මෙය දැයට කිරුළ ප්‍රදර්ශන භූමියේ ඉදිකරන ස්ථීර ගොඩනැගිලි සමූහයට අයත් වූවකි.