දකුණු ආසියානු කලාපයේ වසරේ මහ බැංකු අධිපතිවරයා ලෙස ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා නම් කර තිබේ.
ලොව ජනප්‍රිය ප්‍රකාශන ආයතනයක් වන Global Capital විසින් දකුණු ආසියානු කලාපයේ වසරේ මහ බැංකු අධිපතිවරයා ලෙස ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා නම් කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සැසිවාරය හා සමගාමීව 2017 ඔක්තෝබර් 14දා වොෂිංටන් හිදී පැවැත්වූ Global Capital Markets සම්මාන ප්රදානෝත්සවයේදී මෙම සම්මානය ප්රදානය කර තිබේ.
Global Capital යනු ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳ පොළ හා සම්බන්ධ වී සිටින පුද්ගලයන් සහ ආයතන සඳහා ප්රවෘත්ති, උපදෙස් සහ දත්ත ලබාදෙන සේවාවකි.
'මහ බැංකුව වෙත නිවුණු, සන්සුන් සහ සාමූහික ප්‍රවේශයක්' යන මාතෘකාව යටතේ Global Capital වෙබ් අඩවියේ 2017 ඔක්තෝබර් 13දා ලිපියක් පළ කරන එළියට් විල්සන් සිය ලිපිය ආරම්භ කරමින් " දකුණු ආසියාව යනු උසස් හැකියාවන්ගෙන්යුතු මහ බැංකු ප්‍රධානීන් රැසකගෙන් සමන්විත කලාපයක් නමුදු මෑත අතීතයේදී සිය වෘත්තීයභාවය නොමසුරුව ප්‍රකට කරමින්, රළු දියඹ තරණය කරන ශූර යාත්‍රිකයෙකු සේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ තම රට ඉදිරියට ගෙනයෑමට කටයුතු කළ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මෙම සම්මානය සඳහා අත්‍යන්තරයෙන්ම සුදුසු වන බව" පවසා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.