තේ කර්මාන්තයට කුඩා තේ වතු හිමියන්ගෙන් ලැබෙන දායකත්වය ඉතා විශාල බවත්, රටේ නිෂ්පාදනය වන තේ ප්‍රමාණයෙන් 76 % පමණ නිෂ්පාදනය කරනු ලබන්නේ තුන් ලක්ෂ අනූ පන්දහසක් පමණ වන කුඩා තේ වතු හිමියන් විසින් බවත් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසා සිටියේය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පස සහ ජල සංරක්ෂණ කටයුතු සඳහා කෑගල්ල දිස්ත්‍රික්කයේ කුඩා තේ වතු හිමියන්ට සහනාධාර ලබාදීම සඳහා කෑගල්ල නගර ශාලාවේදී පසුගිය 26 වැනිදා පැවති උත්සවයක් අමතමිනි.
රටේ ආර්ථිකයට ශක්තියක් සපයමින් ස්වෝත්සාහයෙන් නැඟී සිටීමට වෙර දරණ සෑම කර්මාන්තකරුවෙකුටම රජය උපරිම උදව් උපකාර කළ බවද මෙහිදී අමාත්‍යවරයා පවසා සිටියේය.