ශ්‍රී ලංකාව හා රුසියාව අතර ඉතා සමීප මිත්‍රත්වයක් පවතින බවත්, ශ්‍රී ලංකාවේ තේ රුසියාවේ තහනමකට ලක්වූයේ කෘමියෙකු නිසා බවත්, එයට ඇස්බැස්ටස් ආනයනය කිසිදු සම්බන්ධතාවක් නැති බවත්, දැන් එම ගැටලුව විසඳී තිබෙන බවත්, ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි මෙට්රිරිට් මහතා පවසයි.
රුසියානු තානාපතිවරයා එසේ සඳහන් කළේ පසුගියදා අමාත්‍යාංශයේදී කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා හමුවී කරන ලද සාකච්ඡාවකදීය.