නිවර්ථන කලාපීය සංචාරක ව්‍යාපාරයට නව දැක්මක් එක්කරමින් දඹුල්ලේ කණ්ඩලමේදී පැවති තෙදින ජාත්‍යන්තර සංචාරක සමුළුව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතින් අද (8දා) උත්සවාකාරයෙන් විවෘත කෙරිණි.
සබරගමු විශ්ව විද්‍යාලයේ සංචාරක අංශයේ මෙහෙයවීමෙන් රටවල් 20කට ආසන්න නියෝජිතයින් 100කට අධික පිරිසක් සහභාගී වූ මෙම සමුළුවේ තේමාව වුයේ සංචාරක කර්මාන්තය සදහා ස්බාදහම, සංස්කෘතිය සහ ජාලකේන්ද්ර ගත කිරීම යන්නයි. අගෝස්තු 8 සිට 10 දක්වා පැවැත්වෙන මෙම තෙදින සමුළුවේ විශේෂ ආරාධිත අමුත්තා වශයෙන් උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී දිසානායක මහතා සහභාගි විය.
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පැවති මෙම සමුළුව සඳහා ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, තායිලන්තය, චීනය, සිංගප්පූරුව, ඉරානය, ටැන්සානියාව, බ්‍රිතාන්‍යය, ඇමරිකාව, කාම්බෝජය ඇතුළු රටවල් 20ක සංචාරක කේෂේත්රයේ විශේෂඥයින්, පර්යේෂකයින් සහ විශ්ව විද්‍යාල මහචාර්යවරුන් රැසක් එක්ව සිටියහ.