තාක්ෂණ හා පර්යේෂණ ක්ෂේත්රයේ ඉදිරි ගමන්මග පිළිබඳව පස් අවුරුදු සැලැස්මක් සකස් කර තිබෙන බවත් එය ක්‍රියාත්මක කිරීමෙන් ආර්ථීකයට දක්වන දායකත්වය කොපමණද යන්න වසරින් වසර මැන බැලීමට කටයුතු කරනවා යැයි තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහත පවසා සිටියේය.
අමාත්‍යවරයා මෙසේ අදහස් දක්වා සිටියේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමග පැවති හමුවකදීය.
"රටට අත්‍යවශ්‍ය සේවා ක්ෂේත්‍ර 10ක් හඳුනාගනු ලැබූ අතර, ඒ ක්ෂේත්‍ර සඳහා මැදිහත්විය යුතු තාක්ෂණයන් පිළිබඳව තීරණය කර මේ සම්බන්ධයෙන් කමිටු ගණනාවක් මේ වනවිට පත්කර තිබෙනවා. ඒ වගේම, එහි ක්ෂේත්‍ර 10ක් හා මැදිහත්වීම් 10ක් තෝරා ගනිමින්, ක්‍රියාකාරකම් 100ක් ඊට ඇතුළත් කළා. මේ ක්‍රියාකාරකම් 100ට සිය දෙනෙක් පත්කොට මූලික හඳුනාගැනීමක් සිදු කළ අතර එම හඳුනාගැනීම් විද්‍යාඥයින්ට ඉදිරිපත් කොට ඔවුන්ගේ අදහස් ද ලබාගත්තා."
මේ සම්බන්ධ සාකච්ඡාවන් තවදුරටත් ඉදිරියට ගෙන යන අතර, එහි එක් අවස්ථාවක් ලෙස විශ්වවිද්‍යාල පද්ධතියේ ආචාර්ය, මහාචාර්යවරුන් සමග ඔවුන්ගේ අදහස් මේ සඳහා ලබාගැනීමට මෙසේ කටයුතු යෙදුවා. එසේ, පුළුල් පරාසයක පිරිස් සමග සාකච්ඡා කිරීමෙන් පසු ලබන සැප්තැම්බර් මාසයේදී මෙය විධිමත් සැලැස්මක් ලෙස ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීම මගේ අරමුණ වෙනවා" යැයි අමාත්‍යවරයා පැවසීය.
ශ්‍රී ජයවර්ධනපුර, කැලණිය, කොළඹ, මොරටුව සහ පේරාදෙණිය විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමග මේ වනවිට සාකච්ඡා කොට ඇති බවත්, ඒ සඳහා ආචාර්යවරුන්ගේ ප්‍රතිචාර ලැබෙමින් පවතින අතර මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.