මිනිස්බල හා රැකියා පිළිබඳ දෙපාර්තමේන්තුව හා ත්රිකුණාමලය දිස්ත්රික් ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරනු ලබන රැකියා පොළ හෙට (24දා) පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා ත්රිකුණාමලය සිංහල මහා විදුහලේ දී පැවැත්වීමට නියමිතය.
මෙම අවස්ථාව සඳහා විවිධ දෙපාර්තමේන්තු නිලධාරීන් හා රැකියා උත්පාදන ආයතන ප්රධානීන් සහභාගි වනු ඇති බව කියැවෙයි.
ත්රිකුණාමලය දිස්ත්රික්කයේ පිහිටි ප්රාදේශීය ලේකම් කොට්ඨාස 13කින් යෞවන යෞවනියන්ට මේ සඳහා සහභාගි වී රැකියා අවස්ථා උදාකර ගත හැකි බව මිනිස්බල හා රැකියා පිළිබඳ දෙපාර්තමේන්තුව හා ත්රිකුණාමලය දිස්ත්රික් ලේකම් කාර්යාලය පවසයි.