2017 ජුනි මාසයේදී සංචාරක පැමිණීම් පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදය හා සැසඳීමේදී 4.5%කින් වර්ධනය වී ඇති අතර, සංචාරක පැමිණීම් සංඛ්‍යාව 123,351ක් ලෙස වාර්තා වේ.
2017 වසරේ පළමු වැනි භාගයේදී මුළු සංචාරක පැමිණීම්, පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදය හා සැසඳීමේදී 4.8%කින් වර්ධනය වී ඇති අතර, 2017 ජුනි මාසයේදී සංචාරක ඉපැයීම්ද සංචාරක පැමිණීම් මෙන්ම වර්ධනය වී තිබේ. එය ඇ.ඩො.මිලියන 211.6ක අගයකි.
එහි ප්‍රතිඵලයක් ලෙස, 2017 වසරේ පළමු භාගයේදී සමුච්චිත සංචාරක ඉපැයීම් ඇ.ඩො.මිලියන 1,733.6ක් දක්වා 4.8%කින් වර්ධනය වී තිබේ.
මැදපෙරදිග කලාපයෙන් පැමිණෙන සංචාරකයන්ගේ අඩුවීම සහ චීනයේන පැමිණෙන සංචාරකයන් ප්‍රමාණයේ අඩු වර්ධනය මෙන්ම, ගුවන් තොටුපොළ අලුත්වැඩියා හේතුවෙන් ඇතැම් යානා නොපැමිණීමද 2017 වසරේ පළමු භාගෙය්දී සංචාරක ඉපැයීම්වල මධ්‍යස්ථ වර්ධනයට හේතු වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.