2017 ජුනි මස විදේශ අංශ ක්රියාකාරීත්වයේ යම් වර්ධනයක් පෙන්නුම් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
කාර්මික හා කෘෂිකාර්මික අපනයනවල සැලකිය යුතු වර්ධනය සහ පාරිභෝගික හා අන්තර් භාණ්ඩ ආනයන අඩුවීම, එම මාසයේ වෙළෙඳ ශේෂය කැපී පෙනෙන ලෙස වර්ධනය වීම සඳහාද හේතු වී ඇත.
මූල්‍ය ගිණුම වෙත වූ ලැබීම්, ප්‍රධාන වශයෙන් රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳ පොළ වෙත වූ අඛණ්ඩ ලැබීම් මගින් පෙන්නුම් කර ඇති අතර, කොළඹ කොටස් වෙළෙඳ පොළ වෙත වූ විදේශ ආයෝජනද මාසය තුළදී ධනාත්මකව පැවතුණු බව කියයි.
එහෙත්, ජංගම ගිණුම වෙත වූ අනෙකුත් ප්‍රධාන ලැබීම්, සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ අඩුවීමත් සමග මධ්‍යස්ථව පැවති අතර, සංචාරක ඉපයීම්ද මධ්‍යස්ථ වර්ධනයක් වාර්තා කර තිබේ.