නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය පසුගිය මාස දෙක හා සැසඳීමේදී යහපත් වර්ධනයක් පෙන්නුම් කරමින්, 2016 ජුනි මාසදේ දී 55.1 ක දර්ශක අගයක් වාර්තා කර ඇති බව ශ්රී ලංකා මහ බැංකුව පවසයි.
මෙය මැයි මාසය හා සාපේක්ෂව දර්ශක අගයන් 7.2 ක ඉහළ යාමකි.
මෙම වර්ධනය සඳහා නිෂ්පාදන සහ නව ඇණවුම් දර්ශකයන්ගේ සැළකිය යුතු වර්ධනය ප්රධාන වශයෙන් දායක වී ඇත.
කෙසේ වුවද, වාර්ෂික පදනමින් ගත් විට 2015 ජුනි මස සමීක්ෂණයේ ප්රතිඵලවලට සාපේක්ෂව මෙය දර්ශක අගයන් 2.4ක ආන්තික පහතට වැටීමක් බවද මහ බැංකුව පවසයි.