ඉරාන තානාපති මොහොමඩ් සෙඒරී අමිරානී මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන 'තානාපති හමුව' (Meet the Ambassador) වැඩසටහන 2017 ඔක්තෝබර් මස 11 වැනිදා ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේදී පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකාව සහ ඉරානය අතර ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා පිළිබඳ සාකච්ඡා කෙරෙන මෙම වැඩසටහන එදින ප.ව. 3.00 සිට ප.ව. 4.30 දක්වා, ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය, අංක 450, ඩී.ආර්. විජයවර්ධන මාවත, කොළඹ 10 යන ස්ථානයේදී පැවැත්වෙන බව එම මණ්ඩලය පවසයි.
වර්තමාන ව්‍යාපාර නැඹුරුව, වෙළෙඳ හැකියාවන්, ආනයන අපනයන අවස්ථා, ආයෝජනයන් සහ සේවා පිළිබඳව මෙහිදී කථා කිරීමට නියමිතය. එසේම සහභාගීවන්නන්ට, ඉරාන තානාපති සමග අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධව අදාළ අංශ පිළිබඳව තොරතුරු ලබාගැනීමටද මෙහිදී අවස්ථාව සැලසෙනු ඇති බව එම මණ්ඩලය පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාව විසින් ඉරානයෙන් විදුලි පරිවාරක සහ උපකරණ, ඇණ වර්ග සහ උපකරණ සහ යන්ත්‍රෝපකරණ ආනයනය කරන අතර, ඇඟලුම්, තේ, පොල් සහ පොල් නිෂ්පාදන සහ කජු වැනි බොහෝ දෑ ශ්‍රී ලංකාව විසින් අපනයනය කරනු ලබයි.
ලොව පැරණිතම ශිෂ්ඨාචාර අතරින් එකක් වන ඉරානය අතීතයේදී පර්සියාව ලෙසින් ප්‍රසිද්ධියට පත්ව තිබුණි. වත්මන් ඉරානයේ අගනුවර ටෙහෙරාන් වන අතර, රටේ ජනගහණය මිලියන 81ක් පමණ වේ.
මෙම සුවිශේෂී වැඩමුළුවට ලියාපදිංචි වීම සඳහා 011-4741788 යන දුරකථන අංකය ඔස්සේ හෝ ච් [email protected]; [email protected] යන විද්‍යුත් ලිපිනයන් ඔස්සේ ජාතික වාණිජ මණ්ඩලය සමග සම්බන්ධ විය හැකිය.